අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය සැප්: 30

    සැප්තැම්බර් 19, 2014
    ශ්‍රී ලාංකීය සංස්කෘතික හා සාහිත්‍ය කලාව නංවාලීමේ අරමුණින් ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් පවත්වනු ලබන "කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය" ලබන 30 වන දින පෙ.ව 9.00ට කොළඹ 05, නාරාහේන්පිට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    විශේෂ ආරාධිත අමුත්තන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී දිස්ත්‍රික් සාහිත්‍ය තරගවලින් ජයගත් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමේ. 
     
    ලාංකේය සංස්කෘතියට, ලේඛන, නර්තන, රංගන, චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් සඳහා  ජාතික වශයෙන් සිදු කළා වූ සේවාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ජ්‍යේෂ්ඨ අංශය නියෝජනය කරමින් කලාකරුවන් 13 දෙනෙකු හා තරුණ කලාකරුවන් 13 දෙනෙකු  සඳහා "කොළොම්තොට භූෂණ සම්මානය" හා "තරුණ කලාකරු සම්මානය" පිරිනැමීම මෙහිදී සිදු කිරීමට නියමිතය.
     
    ප්‍රාදේශීය අංකුර සාහිත්‍ය නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා එළිදැක්වීමේ අවස්ථාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ගද්‍ය රචනා, පද්‍ය රචනා, කෙටිකතා, සාහිත්‍ය විචාර, ජනශ්‍රැති අධ්‍යයන, ළමා කතන්දර ආදී විවිධ තරග අංශවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ජයග්‍රහණය කළ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක් මුද්‍රණය කර එදිනට එළිදක්වන අතර ප්‍රවීණ සාහිත්‍යධරයකුගේ විශේෂ දේශනයක් ද පැවැත්වේ.
     
    කොළඹ දිස්ත්‍රික්කයේ සිටින සියලු ම ප්‍රවීණ, අංකුර කලාකරුවන්, නිර්මාණ ශිල්පීන්, ලේඛකයන් වෙනුවෙන් මෙම උළෙල පැවැත්වෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
     
    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya