අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාද්දූව, තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා පූජෝත්සවය හෙට සිට

    සැප්තැම්බර් 13, 2014
    වාද්දූව, තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා පූජෝත්සවය හෙට (14) රාත්‍රී තිස්පැයහතේ පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ආරම්භ වී සතියක් පුරා පැවැත්වේ.
     
    16 දින සූත්‍ර දේශනය පැවැත්වේ. ලබන 17 දින පස්වරු 2.30ට දේවදූත පෙරහර පවත්වන අතර එදින රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වීමට නියමිතය.
     
    ලබන 18 දින ප. ව. 2.30ට ගම් ප්‍රදේශයේ පවත්වන වට පෙරහර වීදි සංචාරය කරන අතර 19 දින පස්වරු 6.30ට පරලොව සැපත් දායක දායිකාවන් ඇතුළු ගම්වාසී සැමට පුණ්‍යානුමෝදනා විශේෂ ධර්ම දේශනය පවත්වනු ඇත.
     
    මේ විහාරස්ථානයේ සතියක් පුරා පිංකම් මාලාවක් පැවැත්වෙන අතර ලබන 27 දින රාත්‍රී පවත්වන 81 වැනි ඓතිහාසික ශ්‍රී දළදා මහා පෙරහර වීදි සංචාරය කර පසුදා අලුයම් වේලේ විහාරස්ථානයට ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා පූජෝත්සවය නිමාවට පත් වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya