මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේවයන්ට ඇමති වීරවංශගෙන් සුවිශේෂී සමරු තිළිණයක්

    අගෝස්තු 28, 2014
    හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව මහතාගේ සහ එම මහත්මියගේ 51 වන විවාහ සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කරමින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණ.
     
    51 වන විවාහ සංවත්සරය යෙදුණු දා විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව මහතාගේ මහරගම පිහිටි නිවසේදී එම තිළිණය ප්‍රදානය කරන ලදී.
     
    මෙම සමරු තිළිණයේ පවතින සුවිශේෂත්වය නම් මීට වසර 51කට පෙර නිකුත් කරන ලද විවාහ සහතිකයේ මුල් පිටපත එම සමරු තිළිණයට ඇතුළත් කර තිබීමය.
     
    අනතුරුව පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව මහතා විසින් මෑතක දී එළිදක්වන ලද “සොඳුරු මිනිසා” නම් ගීත අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් ද විමල් වීරවංශ අමාත්‍යවරයාට මෙහිදී ප්‍රදානය කෙරිණ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya