අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසැල් අධ්‍යපනයෙන් සංහිඳියාවට මුලික අඩිතාලම දැමිය හැකියි

    ජූලි 25, 2018
    පාසැල් අධ්‍යපනය තුළින් සංහිඳියාව ගොඩනැඟීමෙහි මුලික අඩිතාලම දැමිය කැකි බවත් පාසැල් සිසුන් අතර තම තමන්ගේ විවිධ සංස්කෘතික, ආගමික, භාෂාමය වෙනස්කම් ගැන අවබෝධයක් ඇති කිරීම තුළින් ජාතීන් අතර එකමුතු බව හා සංහිදියාව ගොඩනැඟිය හැකි බවත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ අධ්‍යපන ඒකකයේ අධ්‍යක්‍ෂ ජේ.කේ. රාජපක්‍ෂ මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දුම්මලසුරිය වයි-ග්‍රෝ සමාජ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැති "'සහෝදර පාසල් / පාඩසාලයි" පස් දින නේවාසික ශිෂ්‍ය කඳවුරේදී ය. මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගිනි.
     
    තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ  සහෝදර පාසල් යනු වෙනස්ම අත්දැකීමක් ලබා දීමට සමත්, පාසැල් සිසුන් අතර සමගිය සහ සහජීවනය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක සමාජ වැඩපිළිවෙළක් සේම එය සිසුන් අතර ආකල්පමය වෙනසක් සිදු කරන වැඩසටහනක් බවයි.
     
    මෙම 'සහෝදර පාසල් / පාඩසාලයි' වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය.
     
    සිසු ප්‍රජාව තුළ ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර සිසුන් අතර නව සබඳතා ගොඩනැගීම මෙම වැඩසටහන තුළින් සිදුවේ.   එසේම කිසිදා අත්විදිය නොහැකි, වචනයෙන් විස්තර කළ නොහැකි සහෝදර බැදීමක් මෙම කඳවුරුවලට සහභාගී වන සිසුන් අතර ගොඩනැඟෙන බව ඒ මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya