අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාවතිය ශ්‍රී දකුණු දළදා පෙරහැර මෙවරත්...

    ජූලි 18, 2018

    13 වන වරටත් පවත්වනු ලබන පොළොන්නරුව,සෝමාවතිය ශ්‍රී දකුණු දළදා පෙරහර 2018 ජූලි 25,26 හා 27 යන දිනයන්හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් අද (18) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසූහ.

    ජූලි 19 වන දින සති පිරිත් දේශනාවෙන් පෙරහැරේ කටයුතු ආරම්භ වී ජූලි 25 වන දින දොරකඩ අස්න අනුශාසනා සහිත මහා සාංගික දානයක් සිදු කෙරෙන තර 26 වන දින දළදා පෙරහැර චෛත්‍ය වටා ගමන් කිරීමත් , 27වන දින මහ මළුවවටා පෙරහර ගමන් කොට දළදා වහන්සේට පූජා පවත්වා ඇසළ පුර පසළොස්වක පොහෝ දින සවස 5ට චෛත්‍යරාජයාණන් සහිත මහ මළුව වටා සහ මාර්ගයෙහි ශ්‍රී දකුණු දළදා පෙරහැර ගමන් ගනී. මහා මුළුතැන් දළදා පූජාව ආදී වැඩසටහන් ඇසළ පොහෝ දින සිදු කිරිමට නියමිත ය.

    සෝමාවතී වැදපුදා ගැනීමට පැමිණි සැදැහැවතුන් තුස්තවාදින් විසින් ඝාතනය කළ බවත් ඉන් පසුව ඝන කැලැවකින් වැසී තිබූ මෙම ස්ථානය එවකට රජය හා සැදැහැවතුන් ගේ ආධාර සහිතව නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී. වසර 17කින් පසුව නැවතත් 2002 පෙබරවාරි 27 දින සෝමාවතී පෙරහැර ආරම්භ කිරිමට හැකි වු බවද සෝමාවති විහාරාධිපති හිමියෝ වැඩි දුරටත් පැවසීය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya