අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ටේ‍්‍රලියානු රජයේ ස්වෛරී දේශසීමා මෙහෙයුම

    දෙසැම්බර් 27, 2014

    නීති විරෝධී ලෙස මුහුදෙන් ඔස්ටේ‍්‍රලියාව කරා පැමිණීම් සහ පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ඔස්ටේ‍්‍රලියානු රජය දැඩි දේශසීමා ආරක්ෂණ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කොට තිබේ.


    ස්වෛරී දේශසීමා මෙහෙයුම යනු කුමක්ද?


    මුහුද මැද ජීවිත පරදුවට තබමින් බෝට්ටු මඟින් නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාව වෙත ඇතුළු වීමට දරන උත්සාහයන් වැළැක්වීමට සහ ඔස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික වැඩසටහන් යහක‍්‍රියාකාරීත්වය සුරැකීම සඳහා ඔස්ටේ‍්‍රලියානු රජය විසින් හමුදා මෙහෙවීමකින් යුතුව ක‍්‍රියාවට නංවනු ලබන ආරක්ෂක ක‍්‍රියාකාරකමක් වශයෙන් ස්වෛරී දේශසීමා මෙහෙයුම පෙන්වා දීමට පුළුවන.


    වීසා බලපත‍්‍රයක් නොමැතිව බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රා කරන පුද්ගලයන්ට මෙම මෙහෙයුම යටතේ සිදු වන්නේ කුමක්ද?


    නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් පැමිණෙන කිසිදු අයෙකුට ඔස්ටේ‍්‍රලියාව තුළ පදිංචි වීමේ කිසිදු හැකියාවක් නොමැත.

    ඔස්ටේ‍්‍රලියාව බලා නීති විරෝධී ලෙස බෝට්ටු මගින් පැමිණෙන අයට මුහුණ දීමට සිදු වන විකල්ප දෙකක් ඇත - එකක් නම් ඔවුන්ගේ ගමන නවත්වා ආරක්ෂිත ලෙස ඔස්ටේ‍්‍රලියානු මුහුදු සීමාවෙන් ඉවත් කිරීමයි, අනෙක නම් ඔස්ටේ‍්‍රලියාවෙන් පිටත දී සිදු කෙරෙන සරණාගතභාවය පිළිබඳ විමසා බැලීමේ වැඩපිළිවෙළ සඳහා තවත් රටක් වෙත යොමු කරනු ලැබීමයි. ඔස්ටේ‍්‍රලියාව තුළ සරණාගතභාවය පිළිබඳ සලකා බැලීම හෝ එරට පදිංචි කරවීම කිසිදු විටක විකල්පයක් වන්නේ නැත.

    මෙය ඔස්ටේ‍්‍රලියානු රජයේ ප‍්‍රතිපත්ති වන අතර එය කිසිදු ලෙසකින් වෙනස් නොවනු ඇත.


    මෑතක දී නිකුත් කරනු ලැබූ නිවේදනයෙන් අදහස් වන්නේ කුමක්ද? ජනතාවට දැන් තාවකාලික වීසා බලපත් ලබා ගැනීමට පුළුවන්ද?


    නැත. ඔස්ටේ‍්‍රලියානු රජය විසින් මෑතක දී නිකුත් කරනු ලැබූ නිවේදනය වලංගු වන්නේ 2013 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර පැමිණි පුද්ගලයන්ට පමණකි.

    මේ වන විට පුද්ගල ජාවාරම් ව්‍යාපාරයක් ඔස්සේ ඔස්ටේ‍්‍රලියාව තුළට නීති විරෝධී ලෙස පැමිණීමට උත්සාහ කරන  ඕනෑම පුද්ගලයකුට සිදු වන්නේ ආපසු සිය රටට යෑමට හෝ වෙනත් රටක් වෙත යෑමටයි.


    ඔස්ටේ‍්‍රලියාව තුළ පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් ඇති නම්, මෙම ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදු වන්නේ ද?


    නැත. කිසියම් අයෙකු වීසා බලපත් නොමැතිව නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් පැමිණෙන්නේ නම්, ඔවුන්ට ඔස්ටේ‍්‍රලියාවට ඇතුළු වීමේ කිසිදු අවස්ථාවක් නොමැත.

    එසේම, ඔස්ටේ‍්‍රලියාව තුළ ඔවුනට සම්බන්ධ පවුලක් ජීවත් වුව ද එම ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදු නො වේ.

    පවුල්, දරුවන්, භාරකරුවන් නොමැති දරුවන්, උගත් හා නිපුණතා පූර්ණ පුද්ගලයන් ආදි වූ සියලු දෙනාට මෙම නීති රීති අදාළ වේ. කිසිදු විශේෂත්වයක් ඔවුන්ගෙන් කිසිවෙකුටත් නොලැබෙනු ඇත.


    ඔස්ටේ‍්‍රලියාව බලා නීති විරෝධී ලෙස යාත‍්‍රා කිරීමට උත්සාහ ගනු ලැබූ කිසියම් ශ‍්‍රී ලාංකික ධීවර බෝට්ටුවකට සාර්ථක ලෙස සිය පරමාර්ථය ඉටු කර ගැනීමට හැකි වී තිබේද?


    2013 වසරේ දී ස්වෛරී දේශසීමා මෙහෙයුම ආරම්භ කෙරුණු අවස්ථාවේ සිට, නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවේ සිට ඔස්ටේ‍්‍රලියාවට පැමිණීමට තැත් කළ සෑම බෝට්ටුවක් ම අසාර්ථක වී ඇත.

    ඔස්ටේ‍්‍රලියාව බලා නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ගමන් කිරීමට උත්සාහ කළ ශ‍්‍රී ලාංකිකයන් 38 දෙනෙකු රැගත් පුද්ගල ජාවාරම් ව්‍යාපාරයක් සාර්ථක ලෙස බිඳ දැමීමට 2014 නොවැම්බර් මස 26 වන දින ශ‍්‍රී ලංකාවට හා ඔස්ටේ‍්‍රලියාවට ඒකාබද්ධව හැකි විණ.

    2014 ජූලි මස ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් විසින් ශ‍්‍රී ලාංකිකයෝ 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාව වෙත ආපසු එවනු ලැබූහ.


    පුද්ගල ජාවාරම්කරුවන් පවසන්නේ ඔස්ටේ‍්‍රලියාව සිය ප‍්‍රතිපත්ති වෙනස් කොට ඇති බවයි. - මෙහි සත්‍යයක් පවතී ද?


    නැත. පුද්ගල ජාවාරම්කරුවෝ අසත්‍ය පවසති. මුහුදු මඟින් සිදු වන පුද්ගල ජාවාරම්වලට එරෙහි ඔස්ටේ‍්‍රලියානු රජයේ ප‍්‍රතිපත්තිය ඉතා පැහැදිලි වන අතර නොවෙනස් ද වේ - ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධී ලෙස ඇතුළු වීමේ මාර්ගය වසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya