අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පැය 03කට වරක්  ජීවිත 04ක්  අනතුරකින් අනතුරට

    ජූනි 26, 2023
     
    සෑම පැය 03කට වරක්  ජීවිත 04ක්  අනතුරකින් අනතුරට
     
    ශ්‍රී  ලංකාවේ සෑම පැය 03කට වරක්  හතර දෙනෙකු අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමුගන්නවා.. මෙලෙස වාර්ෂිකව අප රට තුළ 10,000 – 12,000ක් පමණ අනතුරු හේතුවෙන් ජීවිත අහිමි වෙනවා.දිනකට 32 – 35 පමණ අනතුරු හේතුවෙන් මිය යනවා. සෑම මිනිත්තුවකටම වරක් මෙරට පස්දෙනෙකු හෝ අටදෙනෙකු ප්‍රතිකාර ලබාගත යුතු තරමේ අනතුරකට ලක්වෙනවා.
     
    ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධානතම සෞඛ්‍ය ගුටලුව වන්නේ අනතුරුයි.. ශ්‍රී ලංකාවේ රෝහල් වලට නේවාසිකව ප්‍රතිකාර සඳහා ඇතුලත් වීමේ ප්‍රධාන හේතුව වන්නේද අනතුරුයි. ආබාධිත වීමටද ප්‍රධාන හේතුව එයයි.
     
    සෑම වසරකම පුද්ගලයින් මිලියන 3 – 4ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සිදුකරගන්නා බවට ඇස්තමේසන්තු කර ඇත. එනම් සෑම වසරකම මුළු ජනගහණයෙන් අවම වශයෙන්පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අනතුරකට ලක්විය හැකියි.
     
    ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලට ප්‍රධානම හේතු 10 අතරට හදිසි අනතුරුද ඇතුළත් වෙනවා. වයස අවුරුදු 15 – 44 ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණ වලට ප්‍රධානම හේතුව අනතුරු වන අතරම ඔවුන් අතර පවතින ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවද අනතුරුයි.
     
    අනතුරු වලට ගොදුරු වන බහුතරයක් ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ අය වීමත් ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය සේවයේ වැයවන පිරිවැය ඉහළ වීමත් හේතුනේ මෙරට ආර්ථිකයට මෙන්ම සෞඛ්‍ය පද්ධතියට අනතුරු සිදුකරන්නේ විශාල අනතුරක්..
     
    ශ්‍රී ලංකාවේ වසරකට ලක්ෂ 03ක් පමණ සතුන් සපාකෑමෙන් අනතුරට ලක්වෙනවා. මින් 80%ක් පමණ බල්ලන් සපාකෑම් වනවා. මෙලෙස හපාකන ලක්ෂයෙන් තුනෙන් එකක් දරුණු සපාකෑම් වනවා. ඒ සඳහා ලබාදෙන පළමු ප්‍රතිකාරයට එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 10,000ක් පමණ වැයවෙනවා. මෙලෙස සතුන් සපාකෑම් වලට ප්‍රතිකාර කිරී“මට රජය වසරකට රුපියල් බිලියන ගණනක් වැය කරනවා.
     
    25%ක් පමණ අනතුරු මාර්ග ආශ්‍රිතවත්, 4 – 5%ක් වැඩබිම් ආශ්‍රිතවත් 2 – 3%ක් පාසල් ආශ්‍රිතවත් සිදුවෙනවා.
     
    අනතුරු නිසා සිදුවන මරණ වලට ප්‍රධානතමස හේතුව රිය අනතුරුයි. එය සමස්ථ අනතුරු නිසා සිදුවන මරණ වලින් 29%ක් පමණ වෙනවා. හුස්ම හිරවීම හේතුවෙන් සිදුවන මරණ 20%ක්, විවිධ හේතූන් නිසා වන වැටීම් වලින් සිදුවන මරණ 12%ක්, දියේ ගිලීම් වලින් සිදුවන මරණ 10%ක්, විෂවීම් වලින් සිදුවන මරණ 7%ක්, පිළිස්සීම් වලින් සිදුවන මරණ 3%ක්, විවිධ වස්තූන් ශරීරය හා ගැටීමෙන් සිදුවන මරණ 2%ක් ආදී ලෙස වාර්තා වනවා.
     
    මෙලෙස වාර්තා වන සමස්ථ අනතුරු වලින් 50%කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ අප ජීවත් වන නිවෙස්වල සහ ඒ ආශ්‍රිත පරිසරයේ වීම විශේෂයි. මේ නිසා නිවාස සැලසුම් නිර්මාණයේදී අනතුරු නිවාරණය පිළිබඳවත් අප විශේෂයෙන් සිතිය යුතුයි.
     
    ප්‍රමාණවත් ආරක්ෂිත පියවර ගැනීමෙන් සෑම අනතුරක්ම පාහේ ඵලදායී ලෙස වළක්වාගත හැකි බව අනතුරු වැළැක්වීම පිළිබඳව ලොව පුරා ක්‍රියා කරන විද්වතුන්ගේ මතයයි. එහෙත් අනතුරු වලින් වන හානිය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම, අදාල ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම, අදාල නීතිමය කොන්දේසි වලට අවනත නොවීම, නොසැලකිළිමත්කම හෝ ප්‍රථමාධාර කුසලතා නොමැතිකම අනතුරු වළක්වා ගැනීමට ඇති ප්‍රධානම බාධාවන් කිහිපයකි..
     
    නිරතුරු සිහියෙන් සහ අවධානයෙන් කටයුතු කිරීමෙන් අනතුරු වලින් අත්මිදිය හැකියි.
     
    විස්තරය පසුගියදා (23) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොළඹ රේණුකා හෝටලයේ පැවැත්වූ අනතුරු නිවාරණය සහ ප්‍රථමාධාර සම්බන්ධ වැඩමුළුව ඇසුරෙනි.
     
     
     
    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya