අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍පස්වැනි දිනය අද‍ Featured

    නොවැම්බර් 08, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 5 වැනි දිනය වන අද (08) අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශය යන අමාත්‍යංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 149,300,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 4,416,000,000ක් ද අනුමත කරගැනීමට ද,


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 30,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 17,100,000,000ක් ද අනුමත කරගැනීමට ද


    අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 7,300,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 540,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    ‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 121, 253 හා 279 වැය ශීර්ෂයන් විවාදයට ගනු ලබන අතර පස්වරු 1.30 සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ 126, 212 හා 213 වැය ශීර්ෂයන් ද  අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ 189 යන වැය ශීර්ෂය ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya