මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැයෙන් සෑම මන්ත්‍රීවරයෙකුට ම ලක්ෂ 50 බැගින් ලබා දී තිබෙනවා

    නොවැම්බර් 05, 2014

    1989 ඉඳලා 1994 දක්වා පැවති එජාප රජයේ කාලයේ දී විපක්ෂයේ කිසි ම මහජන නියෝජිතයෙකුට ගමේ සංවර්ධන කටයුතු සඳහා එක රුපියල් 10.00ක් වත් ලබා දී නැති බවත් අපේ රජය විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 50 බැගින් ලබා දී ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.


    අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.


    මීට පෙර කතාකළ විපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවා ඔවුන්ට ගම්වල සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ලබා නොදෙන බව. මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. 1989 ඉඳලා 1994 දක්වා විපක්ෂ මන්ත්‍රීවරියක් වශයෙන් මම කටයුතු කර තිබෙනවා. ඒ කාලයේ කිසිම සංවර්ධන යෝජනාවකට පැවති රජයෙන් අපට රුපියල් 10.00ක් වත් දීලා නැහැ. මම කියන්න කැමතියි අපේ රජයෙන් එජාපය ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 50 බැගින් ලබා දෙනවා.


    එදා එජාප ආණ්ඩුව රටේ භීෂණය වපුරමින් කොල්ලො කෙල්ලෝ 60,000ක් පමණ මරා දැම්මා මිසක් වෙන දෙයක් කළේ නැහැ. මගේ ගෙදරටත් බෝම්බ ගැහුවා. එදා නොකළ සංවර්ධන කාර්යයන් අද මේ රජය මඟින් ඉටුකරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිළිඳු ජනතාව නගාසිටුවීමට රජය කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා 2005 රට භාර ගත්තේ  සුනාමියෙන් අසරණ වී ආර්ථික බලාපොරොත්තු සිහිනයක් ව තිබූ යුගයකයි. අද ඒ තත්ත්වය නැහැ. 2012 පමණ දක්වා සියලු උපාධිධාරීන්ට ජනාධිපතිතුමා රැකියා ලබා දී තිබෙනවා. මේ රජය අද ජනතා ප්‍රසාදයට ලක් ව ඇත්තේ ඒ නිසායැයි අමාත්‍යවරිය පැවසුවාය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya