මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා අය-වැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා

    නොවැම්බර් 05, 2014

    හැම ජාතියකට ම ප්‍රදේශයකට ම වැඩ කරන ක්‍රියාවලියක් ආර්ථික සංවර්ධන අමාත්‍යාශයේ පවතින බවත් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් වැඩකරන්න මෙවර අය-වැයෙන් ජනාධිපතිතුමා විශාල මුදලක් වෙන් කර ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසරකට වැව් තුන්සියයක්, හාරසියයක් හදනවා. මේ රටේ සුළුවාරිමාර්ග අවුරුදු 30, 40කින් ප්‍රතිසංස්කරණය කර නැහැ. වැව් බැම්ම කැඩිලා, ඇළ වේලි, සොරොව් කැඩිලා. මේ නිසා එම වැව් හදා ආර්ථිකයට දායකත්වයක් දිය හැකි පරිදි පුරන්කුඹුරු අස්වැද්දීම සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    පාසල්වල සනීපාරක්ෂක කටයුතු, පාසල් ගෙවත්ත සංවර්ධනය ආදිය මේ අමාත්‍යාංශයෙන් සිදු කරනවා. වන අලි කරදර වලක්වන්න, වගා හානි වලක්වන්න මෙයින් දායකත්වය සපයනු ඇත. අලි- මිනිස් ගැටුම නවත්වන්න විදුලි වැට නිර්මාණය කරන අතර මේ සඳහා වන අලි කරදර ඇති හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම මුදල් වෙන් කර තිබේ. අද සම්පූර්ණයෙන් ම ඒවා ඉදිකරනවා. මේ වසර අවසන් වන විට වන අලි කරදර නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න හැකි වන බව ද ඔහු කීය.

     

    මහජන නියෝජිතයන් සඳහා මෙවර අය-වැයෙන් ගම හදන්න මුදල් වෙන් කර තියෙනවා. කාලයක් තිබුණා අපට රුපියල් ලක්ෂ 05ක් වත් ලැබුණේ නැහැ. මහජන නියෝජිතයන්ට ගමට යන්න හැකි පරිදි ගම සංවර්ධනයට මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya