මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු ජනතාව ගැන මෙවර අය-වැයෙන් වැදගත් කරුණු රැසක්

    නොවැම්බර් 05, 2014

    කම්කරු ජනතාව ගැන මෙවර අයවැය ලේඛනයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවත් ඡන්දයක් තිබුණත් නැතත් මෙවර වැදගත් අය-වැය ලේඛනයක් ඉදිරිපත් කර ඇති බවත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ඇත්තේ පනත් අනුවයි. කොටස් වෙළෙඳපොළ සඳහා 6%ක් ආයෝජනය කර ඇති අතර ඉතුරු මුදල් සියල්ල මහා භාණ්ඩාගාරයේ බිල්පත්වල ඇති බව ද ඔහු කීය.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ අර්ථසාධක අරමුදල 2011 දෙසැම්බර් 31 වන විට විශ්‍රාම ගිය පිරිසගේ සියලු මුදල් ගිණුම්ගත කර ඇත. අර්ථසාධක අරමුදල සඳහා දේශපාලනය හෝ පාට බලන්නේ නැහැ. මෑන්පවර් ක්‍රියාත්මක කරන සමාගම් සඳහා නීතිරීති ගෙන ආ යුතු බවත් ඔහු පැවසීය.

    කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන විට නිෂ්පාදන අවශ්‍යතාවක් සඳහා සේවක හිඟයක් පැවති විට එදා මෑන්පවර් ආයතන මඟින් සේවකයන් දෙන්නෙක් තුන්දෙනෙක් ඒ සඳහා යොදා ගනී. අද එය රජය හෝ පෞද්ගලික අංශය දිගට ම පවත්වා ගෙන යනු ඇත. මේ සඳහා නීතිරීති ගෙන ආ යුතු අතර නෛතික රාමුවක් තිබිය යුතුයි. මේ ගැන උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර කෙටුම්පතක් ගෙන ඒමට උත්සාහ දැරූ විට ඇතැම් වෘත්තීය සමිති, පක්ෂ විරුද්ධ වුණා. මෑන්පවර් හි ස්වාමීත්වය ඇත්තේ සේවය කරන ආයතනයට හෝ රජයට නොවන බව ද අමාත්‍යවරයා කීය.

    දින 180 සපිරූ කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න අය-වැය මඟින් යෝජනා කර ඇත. පඩිපාලක සභාවේ අයිතිය නැති අයත් මෙහි සිටී. ඒ අයගේ පඩිය අවමය රුපියල් 10,000ක් කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්න හෝ ගැසට් කරන්න සාකච්ඡා කරමින් පවතී. රජයේ හෝ පෞද්ගලික වේවා කම්කරු අමාත්‍යාංශය අවශ්‍ය අවස්ථාවන්හිදී නඩු පැවරීම ද සිදු කරනු ඇත.

    මේ රට ලෝකයේ ඉදිරියට යන රටක් වී ඇත. තාක්ෂණයෙන් ද ඉහළ මට්ටමක පවතී. මේ රටේ පැරණි නීති අලුත් කර ක්‍රියාත්මක කළ විට ජාත්‍යන්තර සමාගම් ආයෝජන සඳහා අප රටට පැමිණෙනු ඇත. අපේ රට දියුණු වෙන්න නම් අපේ නිෂ්පාදන වැඩි වී ජාත්‍යන්තරයට අපනයනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. 

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya