මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩකරන ජනතාවට මෙවර අය-වැයෙන් විශේෂ සහන රැසක්

    නොවැම්බර් 05, 2014

    මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් මෙවර අය-වැයෙන් විශේෂ සහන රැසක් ලබාදීමට -ජනාධිපතිතුමා කටයුතු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පෙරවරුවේ සාකච්ඡාවට ගැනිණි.

    දින 180ක් සැපිරූ අනියම් සේවකයන් ස්ථිර කිරීමට, එදා දහස් ගණන් රක්ෂාවලින් එළියට දැමූ ජූලි වර්ජකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට මෙන් ම මියගිය වර්ජකයන්ගේ වැන්දඹුවන් සඳහාත් මේ දීමනාව ලබා දීමටත් එය 2015 සිට වැඩිකිරීමටත් යෝජනා කර ඇත. වෘත්තීය සමිතිවලට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. පෞද්ගලික අංශයේ අයටත් මෙවැනි ම සහන ලබා දෙන ලෙස ඉල්ලූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රාජ්‍ය සේවක අවම වැටුප ඉහළ දැමූ අතර විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමටත් මෙවර පියවර ගත්තා. ලෝක වෙළෙඳපොළේ මිලියන බාගයක් පමණ හෙද අවශ්‍යතා වෙනුවෙන් අවස්ථාව ඇත. එය ශ්‍රී ලංකාවට ඉටුකළ හැකි බවත් උසස් පෙළ සමතුන් මේ සඳහා යොමු කළ යුතු බවත් ඔහු කීය.

    අද ලංකාව පුරා කඩ හා සාප්පු දහස් ගණනක් ඇත. මේ සම්බන්ධයෙන් ඇති රජයේ පනත සංශෝධනය කරමින් කෝපි කඩේ, තේ කඩේ වැඩ කරන ළමයාටත් සහනයක් ලබා දිය යුතුයි. නැති නම් ශ්‍රම සූරාකෑමක් සිදු වෙනවා. වැඩ කරන ජනතාව අලුතින් සංවිධානය වී තව තවත් දියුණු වී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya