අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සූදානම් - ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

    මැයි 20, 2014

    ඉන්දියාවේ අබිනවයෙන් පත් වූ භාරතීය ජනතා පක්ෂ රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන බව භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.


    ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, සංහිඳියාව සහ නැවත පදිංචිකිරීමේ ක්‍රියාවලියට අඛන්ඩ සහයෝගය දෙන බව ද ඔහු පවසයි. ඉන්දියාව ඉතා දීර්ඝකාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහයෝගය දක්වන පාර්ශවකරුවෙකි. 2009 යුද්ධය නිමාවීමෙන් පසු උතුරු නැඟෙනහිර දමිළ ජනතාව යළි පදිංචිකිරීමට, යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට, නිවාස ඉදිකිරීමට ඉන්දියාව සහයෝගය දී තිබේ.


    සංස්කෘතිය, ආහාරපාන, සම්ප්‍රදායන්, අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ආගමික වත්පිළිවෙත් අතින් පවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පොදු ලක්ෂණ දැකිය හැකි බව ස්වාමි මහතාවැඩිදුරටත් පැවසීය.


    ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාව සුරැකීම සඳහා ඉන්දියාවේ සහයෝගය හිමිවන බව ද ස්වාමි මහතා අවධාරණය කළේය.


    ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දසදෙසින් වැඩසටහනට එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සමඟ සජීවීව සම්බන්ධ වෙමිනි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya