මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් නෑ

    පෙබරවාරි 02, 2015
    එළැඹෙන මාර්තු 31ට පෙර පැවැත්වීමට නියමිත ක්‍රීඩා නිලවරණයන්ට පෙර ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක් සිදු නොකරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    ක්‍රිකට් නිලවරණය කල් දැමීම සම්බන්ධයෙන් යෝජනාවන් ලැබී තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් මිස වෙනත් කිසිදු හේතුවක් නිසා ක්‍රිකට් නිලවරණය කල් නොදමන බවද පෙන්වා දුන්නේය.
     
    අද ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡාවේ දී කරුණු 06ක් සඳහා සියලු දෙනා එකඟ වූ බවත් කී අමාත්‍යවරයා 
     
    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ධර්මසේන දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව තමන්ගේ පළමු පොරොන්දුව වූ අමාත්‍යංශයේ අක්‍රමිකතා සෙවීමේ කමිටුව අද පත්කිරීමට කටයුතු කළ බවත් keeya. මෙම කමිටුව සමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. 
     
    මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්කය වූ මිලියන 1.5ක ප්‍රමාණය තවත් වසර 1 - 2ත් අතර කාලයක් තුළ මිලියන 02ක් දක්වා වර්ධනය කරගැනීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බවත් ඒ අරමුණු ජයගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya