මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා රග්බි ක්‍රීඩකයන්ට පහසු ජයක්

    ජනවාරි 06, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර තරගය පෙරේදා (04) කොළඹ, පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවත්විණි.
     
    එහිදි ලකුණු 41ට 20ක් ලෙස සටහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම වෙත පහසු ජයක් හිමි විය.
     
    පළමු භාගයේ දී පොලිස් රග්බි ක්‍රීඩකයන් ආක්‍රමණශ්‍රීලී මුහුණුවරකින් තරගයේ යෙදුණ ද, දෙවන භාගයේ දී රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යුද හමුදා කණ්ඩායමේ මනා දක්ෂතා ඉදිරියේ පොලිස් රග්බි ක්‍රීඩකයන් පරාජයට පත්විය.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් තරගය නැරඹීම සඳහා එක්ව සිටියහ.
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya