මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉන්දු - ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයන්ට නිදහස

    දෙසැම්බර් 24, 2014

    ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයන් 30 දෙනෙකු හා ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 66 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    ඉන්දු - ශ‍්‍රී ලංකා දෙරටේ මිත‍්‍රත්වය වඩාත් තහවුරු කරමින්, නත්තල් උත්සවය හා අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ හා ශ‍්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටි මේ ඉන්දීය ධීවරයන් 66 දෙනා නිදහස් කළ පසු මෙම ධීවරයන් කන්කසන්තුරේ මුහුදු සීමාවේ දී හුවමාරු කරගන්නා බව ද එම අමාත්‍යාංශය පවසයි.

    2014 නොවැම්බර් 26 හා 27 දිනවල නේපාලයේ පැවති සාක් සමුළුවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා හා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර පැවති සුහද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙසේ දෙරටේ ම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බවත්, මීට පෙර ද ඉන්දීය නව රජයේ සුහදතාව වර්ධනය කර ගනිමින් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට පියවර ගත් බව ද ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.

    ඉන්දියාවේ අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පසුගියදා ධීවර පවුල් උද්ඝෝෂණයක් ද කළ අතර තමන් ඔවුන් හමු වී මෙම ශ‍්‍රී ලංකා ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ධීවර අමාත්‍යවරයා ලෙස ඉන්දියාව සමඟ දැනටමත් අදහස් හුවමාරු කරගෙන ඇති බවත් එම නිසා ඔවුන් නත්තලට පෙර නිදහස් කරගැනීමට පියවර ගන්නා බවටත් තමන් ඔවුන්ට පැවසූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරන අතර මෙසේ නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 66 දෙනෙකු සහ ශ‍්‍රී ලාංකීක ධීවරයන් 30 දෙනෙකු නිදහස්ව නත්තල් හා අලුත් අවුරුදු සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යැවීමට කටයුතු සැලසූ බව ද අමාත්‍යාංශය පවසයි. 


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya