මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්තය සමඟ පළමු එක්දින තරග 3 සඳහා ශ්‍රී ලංකා සංචිතය

    නොවැම්බර් 25, 2014

    ශ්‍රී ලංකා-එංගලන්ත පළමු එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ප.ව. 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තය සමඟ පළමු එක්දින තරග 3 සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

     

    ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් හා කුමාර් සංගක්කාරගේ උප නායකත්වයෙන් යුතු සංචිතයට තිලකරත්ක ඩිල්ෂාන්, කුසල් පෙරේරා, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිලිණ කණ්ඩම්බි, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශාමින්ද එරංග, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා සහ ලහිරු ගමගේ ඇතුළත් වේ.

     

    තරග 7 කින් යුත් මෙම එක්‌දින තරගාවලියේ පළමු තරග 3 සඳහා නම්කර ඇති අදාළ සංචිතයේ වඩාත් කැපී පෙනෙන වෙනස වනුයේ වමත් පිතිකරු තිලිණ කණ්‌ඩම්බි වසර ගණනාවකට පසු නැවත කැඳවා තිබීමයි.

     

    2011 ජුලි මාසයේ එඩින්බරෝහී පැවැති ශ්‍රී ලංකාව සහ ස්‌කොට්‌ලන්තය අතර තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරගයක්‌ සඳහා වරම් නොලැබූ 32 හැවිරිදි තිලිණ කණ්‌ඩම්බි මෙවර කණ්ඩායම නියෝජනය කරන නමුත් දිනේෂ් චන්දිමාල්, අෂාන් ප්‍රියංජන්, සීකුගේ ප්‍රසන්න, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, උපුල් තරංග සහ නුවන් කුලසේකර මේ සංචිතයට ඇතුළත් කර නැත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya