මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ ශූරතාවලිය - 2014

    නොවැම්බර් 24, 2014
    ශ්‍රී ලංකා ගුවන් හමුදා  ක්‍රීඩා කවුන්සිලය මගින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවන් වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රීඩා තරග සංවිධානය කරනු ලබන අතර එය අතරින් අන්තර් ඒකක  බර ඉසිලීමේ තරගාවලියට සුවිශේෂ ස්ථානයක් හිමි වන  අතර මෙවර මෙම තරගාවලිය ඒකල ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.
     
    සියලු ම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කාන්තා හා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම් තරගාවලියට සහභාගි වු අතර පිරිමි අංශයේ තරගයේ දී ගුවන් හමුදා රත්මලාන කඳවුර හා ගුවන් හමුදා ඒකල කඳවුර සම ශුරයන් බවට පත් විය. සමස්ත කාන්තා ශූරතාව ගුවන් හමුදා ඒකල කඳවුර විසින් හිමිකරගත් අතර මෙම තරගාවලියේ පිරිමි අංශය අනු ශුරතාවය  ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කණ්ඩායම ද කාන්තා අංශයේ අනුශුරතාව ගුවන් හමුදා රත්මලාන කඳවුර විසින් ද හිමිකර ගන්නා ලදි.
     
    අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට එම්.ඒ.ඩී.එස්. අප්පුහාමි කුසලානය හිමි කරගත් අතර අතර දක්ෂත ම ක්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා සී.ඒ.ඩී.එස් රෝෂණී විසින් කුසලානය හිමි කරගන්නා ලදි.
     
    මෙම තරගාවලියේ කුසලාන හා සහතිකපත් ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂ එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා සහභාගි වු අතර ඒකල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් මෙන් ම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya