මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියාවේ මොරෙටෝ ක්‍රිකට් කණ්ඩායම හා ජනපති ආර්යාව අතර හමුවක්

    අප්‍රේල් 19, 2014

    ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි මොරෙටෝ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය හමු විය.


    මේ ක්‍රිකට් කණ්ඩායම වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් සහ ක්‍රීඩා සමාජ අතර පවත්වන ක්‍රිකට් තරගාවලිය 13 වන වරටත් මෙවර ද සංවිධානය කර තිබුණි. තරගාවලිය නිමකර දිවයිනෙන් පිටත්ව යාමට පෙර එම ක්‍රිකට් කණ්ඩායම හා ජනපති ආර්යාව අතර මේ හමුව පැවැත්විණි.


    මොරෙටෝ ක්‍රිකට් කණ්ඩායමේ සභාපති බාබා සයුර්ජොහ් (Baba Saurjoh) මහතා ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ.


    මෙරට දරුවන්ගේ සුබසාධනය උදෙසා ජනාධිපති ආර්යාව ගෙන යන වැඩපිළිවෙළ අගය කළ මේ පිරිස කාල්ටන් සුවඋදාන වැඩසටහන සඳහා මුදල් පරිත්‍යාගයක් ද සිදු කළහ.


    ක්‍රිකට් කණ්ඩායම වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද එතුමිය අතින් සිදු විය.

     

    NDH/pix by Lalith Walivitigoda_pmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya