අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුපිරි කණ්ඩායම් 4 අතර වටයේදී ‘මාධ්‍ය කුටියට’ විශේෂ ක්‍රමවේදයක්

    සැප්තැම්බර් 08, 2023

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

     

    ‌මෙහිදී අදාළ මාධ්‍යවේදීන් හට ආසියානු ක්‍රිකට් කවුන්සිලිය ලබා දී තිබෙන මාධ්‍ය අවසර පත්‍රයට අමතරව තරගය පැවැත්වෙන දිනයට පමණක් වංගු විශේෂ ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන මාධ්‍ය කුටිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

    තරගාවලිය ආවරණය කිරීම සඳහා 250 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අයැදුම් කර තිබෙන නමුත් ඔවුන් වෙනුවෙන් තරග ක්‍රියාත්මක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ මාධ්‍ය කුටියේ පහසුකම් ලබා දිය හැක්කේ ඉන් 125 දෙනෙකු පමණක් බැවින් උක්ත ක්‍රමය හඳුන්වාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    මාධ්‍ය කුටිය තුළ මෙහෙයුම් ඉතා සුමට අයුරින් මෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ඇති නොකිරීම සහතික කිරීම ‌වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලැබේ. මෙහිදී තරගය ආවරණය කිරීමේදී වැඩි වශයෙන් ඒදා දිනයේදී තරග වදිනු කණ්ඩායම්වල රටවල මාධ්‍යවෙදීන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනු ලබන අතර ඒහිදී සෙසු රටවල මාධ්‍යවේදීන් හට මාධ්‍ය කුටියේ ඉඩ කඩ ලැබුණහොත් පමණක් ඔවුන්ට තරගය ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට පියවර ගැනෙනු ඇත.

    ස්ථාපනය කරන ලද නව ක්‍රමවේදයට අනුව පළමුව ප්‍රමුඛස්ථානය හිමි වනු ලබන්නේ මුද්‍රිත මාධ්‍යයට වන අතර ඔවුනට ඉඩ කඩ ලබා දීමෙන් පසු ඉතිරිව තිබේ නම් විද්‍යුත් මාධ්‍යයට, වෙබ් අඩෙවි සහ යූ ටියුබ් යන අංශ සඳහා ඒම ප්‍රවේශ පත්‍රය ලබා දෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya