අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුලු 200 ක් දවාලූ හසරංගට විශේෂ ටීෂර්ටයක්

    අගෝස්තු 09, 2023

    විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඊයේ (08) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයට පිවිසියේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය.

    අගෝස්තු මස 05 වැනිදා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දුවාර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගත් දකුණත් පාදඟ පන්දු යවන්නා මහීෂ් තීක්ෂණගේ කඩුල්ල දවා ගැනීමත් සමග සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවා ගත්තේය. මෙම තරගයේදී පන්දුවෙන් දක්වන ලද දස්කම් හැරුණු කොට පන්දුවට පහර සීමේදී පන්දු 22 කදි නොදැවී ලකුණු 52 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් ද හේ පිදුම් ලැබුවේය.

    ඒ අනුව වනිඳු මේ දක්වා විස්සයි-20 තරග 151 කට සහභාගිවි බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 201 කි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනී‌මේ සාමාන්‍ය 17.64 ක් ලෙස සටහන් වේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා කර ඇති වනිඳු අවස්ථා කීපයකදීම විස්සයි-20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. වනිදුගේ නම ඉදිරියෙන් කඩුලු 91 ක් සටහන්වද්දී වර්තමානය වන විට එම ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya