මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය - 2021 නාවික හමුදාව දිනා ගනියි

    අප්‍රේල් 26, 2021

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය - 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට 2021 අප්‍රේල් මස 24 වන දින සමත් විය.

    මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ කාන්තා අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.

     

    ‘Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය - 2021 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ජාතික තරුණ සේවා සභාව, හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය, රතනපාල ක්‍රීඩා සමාජය, එම්ඒඑස් කැසුවල්ලයින් ආයතනය, ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය, හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ අම්පාර සුපර් කින්ස් ක්‍රීඩා සමාජය යන දිවයිනේ ප්‍රකට කාන්තා වොලිබෝල් කණ්ඩායම් 10ක් සහභාගී විය.

     

    මෙම ශූරතාවලියේදී නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ලීග් තරඟ වටයන්හීදී හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම, එම්ඒඑස් කැසුවල්ලයින් ආයතන කණ්ඩායම සහ අම්පාර සුපර් කින්ස් කණ්ඩායම පරදවා අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගයේදී පැවති තරඟ වට 3ම 25 -20, 25-20 සහ 25-14 වශයෙන් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලැබීය.

     

    ඒ අනුව මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාණ්ඩායම සමඟ පැවති තරඟ වට 04න් තරඟ වට 03ක් 25-19, 25-10, 25-23 ලෙස විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් 2021 ‘Galaxy Cup’ අවුරුදු 25න් පහළ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

     

    එහිදී රන් පදක්කම් 11ක් නාවික හමුදා කාන්තා කණ්ඩයමට ප්‍රධානය කරන ලද අතර, දක්‍ෂතම පන්දු සකසන්නියට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි එච්පීඩීසී රණවීර විසින් ද, දක්‍ෂතම පන්දු ආවරණය කරන්නියට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි එච්ජීඑස් ලක්චානි විසින් ද, දක්‍ෂතම පන්දු පිරිනමන්නිය සහ තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි කේඑල් පෙරේරා විසින් ද හිමිකර ගන්නා ලදි. ශූරතාවයට හිමි කුසලානය සහ මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්ත මහතා වෙතින් නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වෙත පිරිනැමිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya