අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාසා සටන්වලින් ළමුන් 469ක් මරුට - UNICEF

    අගෝස්තු 22, 2014

    මිලියනක ජනතාව ජීවත්වන ගාසා තීරයේදී ජීවිතක්ෂයට පත් (අවුරුදු 18ට අඩු) මුළු ළමුන් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඊයේ (21) ප්‍රකාශ කළහ.


    මෙම තත්ත්වය ඉතා දරුණු බවත් ගැටුම්වල ප්‍රතිඵල භයානක ලෙස බලපාන්නේ ළමුන්ට බවත් පලස්තීන ගාසා තීරයේ සේවයේ නියුතු UNICEF ප්‍රධානී Pernille Ironside මහත්මිය හමාස් හා ඊශ්‍රායලය අතර සටන් විරාමය අත්හිටවූ පසු සින්හුආ (Xinhua) මාධ්‍ය සාකච්ඡාවකට පවසා ඇත.


    පසු වූ පැය 48 ඇතුළත තවත් ළමුන් 9ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවාසනාවන්ත ලෙස එය ඊයේ (21) උදෑසන වන විට මුළු ළමා මරණ සංඛ්‍යාව 469 දක්වා ඉහළ නැංවූ බව ඇව පැවසුවාය.
     

    ඊජිප්තු රජය මැදිහත් වී පසුගිය සතියේ ඊශ්‍රායල - පලස්තීන සටන් විරාමයක් ආරම්භ කළත් එය ඉතා කෙටි වූ අතර නැවත ඔවුන් ගුවන් ප්‍රහාර ආරම්භ කරමින් සටන් විරාමය අත්හිටුවන ලදී.


    මෙම ගැටුම්වලින් විශාල වශයෙන් ජීවිත හානි හා තුවාල වීම් වැනි අනතුරු සිදු වන අතර ගාසා තීරයේ යටිතල ව්‍යූහයද හානියට පත්වන බවත් එය ළමයින්ගේ මානසික, ශාරිරීක තත්ත්වයට අහිතකර ලෙස හානි පමුණුවන බවත් ඇය පවසා සිටියාය.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු වන කැනේඩියානු මානව හිමිකම් හා ළමා අයිතිවාසිකම් සම්බන්ධ නීතිඥවරයෙකු ගාසා තීරයේ සිය වසරක අත්දැකීම් සමඟ පවසා ඇත්තේ ගාසාහි ළමුන් තමන් ඉතා අනාරක්ෂිත බවත් කිසිදු ස්ථානයක් තමන්ට ආරක්ෂාවක් සැපයීමට අසමත් බවත් සිතන බවයි. ළමයින් වශයෙන් තමන් ආරක්ෂිත යැයි හැඟීමක් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.


    ගාසා තීරයේ වෙසෙන ළමුන් තම පවුල් සමඟ සාමාන්‍ය අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඈත් වෙමින් සිටින බව තමන් කුඩා දරුවෙක් සමඟ කතාකරන විට පැහැදිලි වූ බව පවසන Pernille Ironside මහත්මිය එම දරුවන්ට භයානක සිහින දැකීම, ඇඳ තෙමීම සහ දෙමාපියන්ගේ දර්ශනයෙන් ඈත් නොවීම වැනි තත්ත්ව පවතින බවත් අනාවරණය කරන ලදී.

    එම ළමුන් සත්‍යවශයෙන්ම ඉතා අහිතකර කම්පනයක පසුවන බව තවදුරටන් ඇය සඳහන් කළාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya