මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    137 වන අන්තර් පළාත් සැමරුම් උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධනත්වයෙන්

    ජූලි 07, 2019

    ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ශිෂ්‍යභට බළකා බාලක බලිකාවන් රැසකගේ සහභාගිත්වයෙන්,137 වන අන්තර් පළාත් සැමරුම් උළෙල ඊයේ (06) සවස සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සංවිධානය කරන මෙම තරඟාවලියේ සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  රුවන් විජේවර්ධන මහතා සහභාගී විය.

    ඹලිම්පික් ධජය දැල්වීමෙන් අනතුරුව ක්‍රීඩක ප්‍රතිඤ්ඤාවක් ලබා දුන් අතර ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ බර්නාර්ඩ් පෙරේරා මහතා විසින් විනිසුරු ප්‍රතිඤ්ඤාවක් ලබා දෙන ලදී.

    අනතුරුව පළාත් 9ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම පළාත් කොඩි සමගින් ශීෂ්‍යභට ආචාර පෙළපාලියට සහභාගී වූ අතර බාලක බාලිකාවන් 1,500 කගේ පමණ සහභාගිත්වයෙන් පැවති සරඹ සංදර්ශන, සම්මාන මුර හා සංස්කෘතික අංග රැසකින් සමාරම්භක උළෙල වර්ණවත් වී තිබිණි.

    පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්ෂ මේජර් ජනරාල් එන් එම් කේ පෙරේරා මහතා පැවසූවේ ඉදිරියටත් නොකඩවා සෑම වසරකම මෙම ශිෂ්‍ය භට ක්‍රීඩා උළෙල පැවත්වීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රිඩිකාවන් හඳුන්වා දීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය.ශිෂ්‍යභටයින් පුහුණු කිරීම සඳහා කැපවෙන ත්‍රිවිධ හමුදා නිලධාරින්ටද මෙහිදී විශේෂ ස්තුතිය පුද කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya