මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත් බදුල්ලේ වතු ප‍්‍රජාවට විකල්ප ඉඩම්

    නොවැම්බර් 26, 2014
    අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ හා ආපදා අවදානමට ලක් ව සිටින බදුල්ල දිස්ත‍්‍රික්කයේ වතු ආශ‍්‍රිත ප‍්‍රජාව සඳහා නිවාස ඉදිකිරීමට ඉඩම් ලබාදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (25) පැවැත්වුණි.
     
    මෙසේ ඉඩම් ලබාදිය යුතු පිරිස් නිවරදිව හඳුනාගැනීම, අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය වතු සමාගම්වලින් වෙන්කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් එම ඉඩම් පරීක්‍ෂා කොට නිර්දේශ කිරීම, නිවාස ඉදිකිරීම් ක‍්‍රියාත්මක කිරීම, නිවාස ඉදිකිරීම සඳහා රජයේ ආධාර, ඉන්දියානු නිවාස ආධාර හෝ වෙනත් ප‍්‍රතිපාදන ලබාගැනීම වැනි කරුණු රැසක්  මෙහිදී සාකච්ඡා කෙරුණි.
     
    බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, වැවිලි මානව සංවර්ධන භාරයේ බදුල්ල ප‍්‍රාදේශීය අධ්‍යක්‍ෂ අනුර ඒකනායක, බල සේනාධිපති - ශ‍්‍රී ලංකා යුද හමුදාව බි‍්‍රගේඩියර් සෙනෙවිරත්න, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (ආපදා අවම කිරීම්) අනෝජා වීරසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ හා නායයාම් පාලන අංශ ප‍්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම්වරු, වැවිලි සමාගම් ප‍්‍රධානීන් හා අදාළ සියලු රාජ්‍ය අංශ ප‍්‍රධානීන් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
     
    DB/SH - dmu badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya