මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ ඉදි කෙරෙන අලි වැට දෙසැම්බර්වල අවසන්

    නොවැම්බර් 21, 2014

    මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදිකෙරෙන අලි වැට එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉදිකොට ජනතා අයිතියට පවරන බව දිස්ත්‍රික් වනජීවී නිලධාරී කේ.ජී. අතුල යාපාරත්න පවසයි.

    ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ඉකුත්දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මහනුවර කෘෂිකර්ම කමිටු රැස්වීමේදී.

     

    කාලාන්තරයක් තිස්සේ මිනිපේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ජනතාව වන අලි තර්ජන නිසි විවිධ අපහසුතාවලට ලක් විය. තමන්ගේ ආරක්ෂාවට අලි වැටක් ඉදිකර දෙන මෙන් කිහිප විටක්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව වනජීවී අමාත්‍යංශය මඟින් මෙම අලි වැට ඉදිකිරීම ආරම්භ කළ අතර එය කිලෝ මීටර් 11ක දිගින් යුක්තය.

     

    මිනිපේ ඉදිවන මෙම අලි වැටට අමතර ව, මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන බහුල උඩුදුම්බර ප්‍රදේශයේ කිලෝ මීටර් 9ක දිගින් යුත් අලි වැටක් සහ මැදදුම්බර කි‍ලෝ මීටර් 8ක දිගින් යුත් අලි වැටක් ද ඉදිවෙමින් පවතී. මෙම අලි වැට තුන ම ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ වෙනුවෙන් පමණක් වනජීවී අමාත්‍යංශය මඟින් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂයකට වැඩි මුදලක් වැය කරන අතර ඉදිකිරීම් සඳහා අවශ්‍යතාව මත මුදල් වැය කරනු ඇත.

     

    අලි වැට ඉදිවීමෙන් අනතුරු ව එය නඩත්තු කිරීම සහ ආරක්ෂා කර ගැනීම වැදගත් බව පෙන්වා දුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රදේශයේ ජනතාවගේ සහ‍යෝගය ඒ සඳහා ලබා ගන්නා ලෙස ද වනජීවී නිලධාරීයා වෙත දැනුම් දුන්නේය.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya