මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    850 වන නැණසල මධ්‍යස්ථානය දළදා මාලිගා පරිශ්‍රයේ

    නොවැම්බර් 17, 2014
    “නැණසල දහස” වැඩසටහන යටතේ 850 වන නැණසල මධ්‍යස්ථානය මහනුවර ‍‍‍ඓතිහාසික  ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පසුගියදා විවෘත කෙරිණි.
     
     ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට සිය සන්නිවේදන කටයුතු සිදු කර ගැනීම  සඳහා මෙම නැණසල මධ්‍යස්ථානය මහත් රුකුලක් වනු ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
     
    විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, දළදා මාලිගාවේ  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
     
    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය සඳහා නැණසල මධ්‍යස්ථානයක් ලබා දීමට හැකි වීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන නැණසල දහස වැඩසටහනට හිමි වු  මහත් ගෞරවයක් වශයෙන් සලකන බව විවෘත කිරීමේ අවස්ථාවට එක්වු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.  
     
    DB/ ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya