මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘2015 අය-වැය දැනුම් ආර්ථිකයක් වෙනුවෙන්ද?’’ විද්වත් සංවාදය අද

    නොවැම්බර් 17, 2014

    ‘‘2015 අය-වැය දැනුම් ආර්ථිකයක් වෙනුවෙන්ද?’’ විද්වත් සංවාදය අද (17) ප.ව. 3.00 ට කොළඹ ධර්ම  විජය පදනමේ ශ‍්‍රවණාගාරයේදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙහිදී ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ, කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමිත් මෙත්සිල පෙරේරා මහතා ද මේ පිළිබඳ අදහස් දැක්වීමට නියමිතය.

     

    2015 වසරට අදාළව ඉදිරිපත් කර ඇති අය-වැය දැනුම් ආර්ථිකයක් මූලික කරගත් නවොත්පාදනය ප‍්‍රමුඛව සකස් කරගත් අය-වැයක් ලෙස රජය නම් කොට තිබෙන අතර විපක්ෂය විසින් ඊට විරුද්ධ අදහසක් පළ කරමින් එහි සාවද්‍ය බවට තර්ක ගොඩනගමින් තිබේ.

     

    ඒ අනුව, විනෝදාස්වාදයෙන් තොර දේශීය නිෂ්පාදකයා සවිමත් කරමින් දේශීය වෙළදපොළ බල ගන්වන ඉලක්කයක් 2015 අයවැයෙහි තිබේද? , එය දැනුම් ආර්ථිකයක් වෙනුවෙන් රට ගොඩනගන්නට උපකාරී වේද? , නැතහොත් එය 2015 අයවැය වෙනුවෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ පළ වූ දැන්වීමට පමණක් සීමාවේද? යන කරුණු පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කොට මෙම විද්වත් සංවාදය සිදු කිරීමට සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya