මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නාගරික ජල සැපයුම් පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර

    නොවැම්බර් 17, 2014
    මහනුවර නගරය ආශ්‍රිත ව ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාගරික ජල සැපයුම් පද්ධතිය පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කිරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    මේ යටතේ මහනුවර නගරයේ ජලය බෙදාහැරීමේ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම, ජල පද්ධතියෙහි යටිතල පහසුකම් ( ජලය ලබාගන්නා ස්ථාන, ජල ප්‍රතිකාරක, ජල පොම්ප සහ ජලය රඳවා ගන්නා ස්ථාන ආදිය) වැඩිදියුණු කිරීම සහ ජල සැපයුම් සේවය තවදුරටත් පුළුල් කිරීම ආදී කාර්යයන් සිදු කෙරෙනු ඇත.
     
    මෙම කාර්යයන් ඉටුකිරීම සඳහා අදාළ නිර්මාණ සකස් කිරීම, ප්‍රසම්පාදන කාර්යයන් සහ ඉදිකිරීම් අධීක්ෂණය ආදී උපදේශනාත්මක සේවා එම ක්ෂේත්‍රයෙහි ප්‍රවීන ආයතනයක් වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya