මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 15, 2014

    මහනුවර නගර සංවර්ධන සැලසුම යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරෙනු ඇත.


    ඒ අනුව මහනුවර ඔර්ලෝසු කණුව අසල පර්චස් 130ක භූමි ප්‍රමාණයක රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ බස්නැවතුම්පොළ අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත මෙන් ම රුපියල් මිලියන 289ක වියදමින් ඉදිකළ සාප්පු සංකීර්ණය හා රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකළ දුම්රියපොළ සිට බස් නැවතුම්පොළ දක්වා පදික මාර්ගය පොදු ජන අයිතියට පැවරීම ද සිදු කෙරේ.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කොට ඇත.

    මහනුවර නගර සභාව මඟින් ඉදිකරන ලද සංචාරක පොලිස් තොරතුරු මධ්‍යස්ථානය හා වැසිකිළි පද්ධතිය ද ජනතා අයිතියට පැවරෙනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya