මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගයේ මහනුවර කොළඹ කොටස ඉදිකිරීමේ ආරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

    නොවැම්බර් 14, 2014

    රජය මඟින් ඉදිකිරීමට නියමිත උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර කොළඹ කොටස ඉදිකිරීමේ ආරම්භක උත්සවය අද (14) පෙ.ව. 9.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගලගෙදරදී පැවැත්වීමට නියමිතය.


    ගලගෙදරදී පැවැත්වෙන මෙම ප්‍රධාන උත්සවයට අමතරව අධිවේගී මාර්ගය දිවෙන තවත් ප්‍රධාන දිස්ත්‍රික්ක තුනක තෝරාගත් ස්ථාන තුනකදී ද අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‍කුරුණෑගල නගරය ආසන්නයේත්, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේදීත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදීත් මෙම උත්සව පැවැත්වෙනු ඇත.

    එකම කොන්ත්‍රාත්කරුවෙක් යටතේ මාර්ගය ඉදිකිරීමේදී ඇති වන ප්‍රමාදය වැලැක්වීමට ආයතන හතරක් මඟින් ස්ථාන හතරකින් මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉටුකරවා ගැනීමට කටයුතු යොදා ඇත.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya