මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑ නිදන් වස්තූන් අනුරාධපුරයට

    නොවැම්බර් 12, 2014
    අප මාතෘභූමිය රුදුරු ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම සඳහා සිය ජීවිත පූජාවෙන් සටන් කරන ලද රණ විරුවන් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ ඉදිකරනු ලබන සඳහිරු සෑය චෛත්‍යයේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා වන නිදන් වස්තූන් අද (12) කොළඹ ජනාධිපති මන්දිරයේ සිට දර්ශනීය රිය පෙරහැරකින් අනුරාධපුරය වෙත රැගෙන යාම ආරම්භ කරනු ලැබේ.
     
    මෙහි ප්‍රථම අදියර යටතේ මෙම නිදන් වස්තූන් අද කොළඹ සිට මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත වැඩම කරවා අද රාත්‍රියේ එහි තැන්පත් කරනු ලැබේ. ඉන් අනතුරුව හෙට 13 දා එම නිදන් වස්තූන් අනුරාධපුරයේ සඳහිරු සෑය පරිශ්‍රය වෙත රිය පෙරහැරකින් වැඩ ම කරවනු ලබයි.
     
    සඳහිරු සෑය චෛත්‍යයෙහි නිදන් වස්තූන් තැන්පත් කිරීමේ උත්සවය නොවැම්බර් 23 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම සඳහා මේ වන විට කටයුතු සිදු කරමින් පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya