මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගයේ මහනුවර - කොළඹ ඉදිකිරීම් ඇරඹීම ගලගෙදරදී

    නොවැම්බර් 10, 2014

    රජය මඟින් ඉදිකිරීමට නියමිත උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර කොළඹ කොටස ඉදිකිරීමේ ආරම්භක උත්සවය ලබන 14 දින පෙ.ව. 9.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගලගෙදරදී පැවැත්වීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.



    ගලගෙදරදී පැවැත්වෙන මෙම ප්‍රධාන උත්සවයට අමතරව අධිවේගී මාර්ගය දිවෙන තවත් ප්‍රධාන දිස්ත්‍රික්ක තුනක තෝරාගත් ස්ථාන තුනකදී ද අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‍කුරුණෑගල නගරය ආසන්නයේත්, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේදීත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදීත් මෙම උත්සව පැවැත්වෙනු ඇත.

    එකම කොන්ත්‍රාත්කරුවෙක් යටතේ මාර්ගය ඉදිකිරීමේ දී ඇති වන ප්‍රමාදය වැලැක්වීමට ආයතන හතරක් මඟින් ස්ථාන හතරකින් මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉටුකරවා ගැනීමට කටයුතු යොදා ඇති බව පැවසූ අලුත්ගමගේ අමාත්‍යවරයා ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී උතුරු අධිවේගී මාර්ගය ද විශාල ශක්තියක් ඇති කරන බව පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

    ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya