මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරිමියන්කුලම ප‍්‍රතිසංස්කරණය කර මහ කන්නයට ජලය නිකුත් කරයි

    නොවැම්බර් 10, 2014

    පුරාණ වැවක් වූ අනුරාධපුර පූජා නගර සීමාවේ පිහිටි පෙරිමියන්කුලම වැවෙහි වසර 17ක් තිස්සේ පැවති ජල කාන්දුව වසා දමමින් එය ප‍්‍රතිසංස්කරණය කර 2014 - 2015  මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    වැවෙහි පැවති ජල කාන්දුව වසා, වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීමට සහ නව සෙරොව්වක් ස්ථාපිත කිරීමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මුදල් වෙන් කිරීමෙන් පසු මේ කන්නයේ සිට ගොවීන්ට වගා කටයුතු කිරීමට අවස්ථාව උදා වේ.
     
    මේ සඳහා පළාත් වාරිමාර්ග අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් 1,232,175කි. "රජරට වැව් බැඳ - රන් අස්වනු නෙළමු"  ව්‍යාපෘතිය යටතේ වැවෙහි සංවර්ධන කටයුතු සිදු කර තිබේ.

    දැනට වල්බිහි වී ඇති කුඹුරු අක්කර 200කට අධික ප‍්‍රමාණයක් සඳහා ජලය නිකුත් කිරීමට මේ තුළින් හැකිවන අතර අභයගිරිය, කුට්ටම් පොකුණ, සමාධි පිළිමය, ගල් පාලම යන ඓතිහාසික ස්ථානවලට මැදි ව පවතින මේ වැව තිසාවැවෙන් නිකුත් වන ජලයෙන් පෝෂණය වේ. ඉතා සුන්දර ස්ථානයක පිහිටා ඇති මේ වැවෙහි රොන්මඩ ඉවත් කර ලබන වසරේ දී අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ද ප‍්‍රයෝජනයට ගත හැකි විකල්ප වැවක් ලෙස සංවර්ධනය කරන බව මංගල දියවර නිකුත් කිරීමට එක් වූ ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙහි දී ප‍්‍රදේශවාසීන්ට පැවසීය.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya