මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ සහ නුවරඑළියේ පමණක් අවදානම් සහිත බිම් 611ක්

    නොවැම්බර් 10, 2014
    බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පමණක් අවදානම් සහිත බිම් 611ක් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දී ඇති බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් 660ක් අවදානම් සහිත ස්ථානවල සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළින් ස්ථානීය පරීක්ෂාවන් සඳහා ඉල්ලීම් 357ක් ලැබී ඇති අතර ඉන් ස්ථාන 200ක් පරීක්ෂා කොට වාර්තාවන් නිකුත් කොට ඇති අතර පවුල් 487ක් අවදානම් සහිත බව හඳුනාගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළින් ඉල්ලීම් 254ක් ලැබී ඇති අතර ස්ථාන 100ක් පරීක්ෂා කොට වාර්තාවන් නිකුත් කොට ඇති අතර පවුල් 450ක් අවදානම් සහිත බව හඳුනාගෙන ඇත. මෙලෙස හඳුනාගත් පවුල් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට තිබේ. 
     
    මෙම ස්ථානීය පරීක්ෂාවන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී කණ්ඩායම් 05ක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ද නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කණ්ඩායම් 03ක් අවශ්‍ය කටයුතුවල නියැළී සිටිති.
     
    මෙලෙස හඳුනාගන්නා අධි අවදානම් සහිත ස්ථානවල සිටින පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට අපේක්ෂා කරන බවත් එලෙස නැවත නව ස්ථානවල පදිංචි කිරීමේ දී එම ගම්මාන ආපදාවට ඔරොත්තු දෙන ගම්මාන ලෙස සංවර්ධනය කරන බවත් කරුණාවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ අමාත්‍යංශයට අයත් සෙසු ආයතනවල ආයතන ප්‍රධානීහු සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya