එරට නිල සංචාරයක නිරත වී සිටින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බු යෝන්ග් ආයතනයේ සභාපති ලී චුන්ග්කන් (Lee Joong – Keun) මහතා අතර පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
ඉදිකිරීම් හා නිවාස ක්ෂේත්‍රයෙන් මේ වන විට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරදෙන ලදී.
“දකුණු ආසියාවේ වැඩිම ස්ථීර නිවාස සංඛ්‍යාවක් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. එය ප්‍රතිශයක් ලෙස 82%ක්. එසේම දකුණු ආසියාවේ අඩු ම පැල්පත් තියෙන්නේද ශ්‍රී ලංකාවේ. එය 123,000ක් පමණ වෙනවා. දැනටමත් කොළඹ හා ඒ අවට අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වෙන පවුල් 60,000ක් වෙනුවෙන් රජය මඟින් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. එමෙන් ම ඉදිකර අවසන් කරන ලද නිවාස ව්‍යාපෘතිවල දැනටමත් පවුල් රැසක් පදිංචි කරලා තියෙනවා” යනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වෙන පවුල් වෙනුවෙන් සහ දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට කැමති බවත් ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් සකස් කිරීමට කටයුතු කරන බවත් දකුණු කොරියාවේ බු යෝන්ග් ආයතනයේ සභාපති ලී චුන්ග්කන් මහතා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාමය උදාවීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවයි.
දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නිවාස) කේ.ඒ. තිලකරත්න, උපදේශක ප්‍රශාන්ත ඩයස්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට
සහභාගි වූහ.
DB