මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සිරිපා වන්දනා සමය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නුවරඑළියේදී

    ඔක්තෝබර් 31, 2014

    2014/15 වර්ෂයෙහි සිරිපා වන්දනා සමය 2014 වර්ෂයෙහි දෙසැම්බර් 06 වන දිනට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනෙන්  ආරම්භ කර 2015 වර්ෂයෙහි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් කිරීමට නියමිතය.


    මේ පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපති ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (29) උදෑසන නල්ලතන්නිය මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා රජයේ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

    සිරිපා කරුණා සමය සමඟින් පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රජා සෞඛ්‍ය අවශ්‍යතා, ආරක්ෂාව මෙන් ම පාරිසරික සංරක්ෂණ කටයුතු පිළිබඳ ව මෙහි දී විශේෂයෙන් සාකච්ඡාවට ලක් විය. අධික මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබන ආහාරපාන, කල් ඉකුත් වූ ආහාරපාන, අපිරිසිදු පානීය ජල බොතල් පිළිබඳ ව මෙහි දී සාකච්ඡාවට ලක් විය. මත්පැන් භාවිතය සහ පොලිතින් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය සිරිපා මළුව වෙත රැගෙන යාම වළකාලීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සංවිධානවල මූලිකත්වයෙන් මෙවර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී පාදාස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ වත්මන් රජයේ අනුග්‍රහය ශ්‍රී පාදස්ථානයේ චිරස්ථිතිය වෙනුවෙන් අඛණ්ඩ ව හිමි වන බවයි. එමෙන් ම වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම යටතේ සිදු වූ සංවර්ධන කටයුතු  අති විශාල ය. නිදහසින් පසු ව බිහි වූ ජන නායකයන් අතුරින් වත්මන් ජනපතිතුමන් වෙතින් සිදු වූ සංවර්ධන කටයුතු තරම් වෙනත් කිසිදු නායකයෙකු වෙතින්  ශ්‍රී පාදස්ථානයේ  සංවර්ධන කටයුතු සිදු නො වූ බවත් උන්වහන්සේ මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියහ.

    මේ අවස්ථාව සඳහා ආරක්ෂක අංශ නියෝජනය කරමින් ප්‍රාදේශීය යුද හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීහු රැසක් ද සහභාගී වී සිටියහ.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya