මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභීන්ට විදුලිය ලබාගැනීමට සහන ණය යෝජනා ක්‍රමයක්

    සැප්තැම්බර් 01, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව "සැමට සැමවිට විදුලිය" යන්න යථාර්ථයක් කරනු පිණිස අඩු ආදායම්ලාභී ග්‍රාමීය නිවාස හිමියන්ට විදුලිය සම්බන්ධතා ලබාගැනීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් ඇරඹේ.
     
    මෙම ණය යෝජනා ක්‍රමයේ සමාරම්භය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලබන 03 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර, සබරගමුව පළාත්සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
     
    අදාළ වැඩසටහනේ දෙවෙනි හා තෙවෙනි අදියරයන් හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර විදුලිය නොමැති ග්‍රාමීය නිවාස හිමියන් සඳහා රුපියල් 40,000.00 සහන ණය මුදලක් හිමිවේ. එම මුදල නිවසට විදුලිය සම්බන්ධතාව ලබාගැනීමට සහ නිවසේ විදුලි රැහැන් ඇද ගැනීමට යොදාගත හැකිය. සහන ණය මුදල වසර හයක් තුළ විදුලිබිල සමඟ ගෙවා අවසන් කිරීමට ද අවස්ථාව සැලසේ. අඩු ආදායම්ලාභී ග්‍රාමීය නිවාසලාභීන් 47,000 කට පමණ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම්  සඳහා අවස්ථාව හිමිවේ.
     
    ආර්ථික දුෂ්කරතා පවතින නිවාස හිමියන්ට ප්‍රදේශයේ විදුලි අධිකාරිවරයා හමුවී, සහන ණය මුදල වෙනුවෙන් සකසා ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර, අදාළ ණය මුදල ලබාගතහැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.
     
    2014 වසර ඇතුළත විදුලිය නොමැති සියලු නිවාස සඳහා විදුලිය ලබාදීම රජයේ අපේක්ෂාව වී ඇති අතර එය කඩිනම් වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැගීමට ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya