මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර වාණිජ කොරටු වගා 3000ක් සංවර්ධනය කිරීමට පියවර

    අගෝස්තු 23, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ තෝරා ගත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක ගොවි පවුල් 3000ක් ඉලක්ක කර ගනිමින් වාණිජ කොරටු වගා 3000ක් සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය පියවර ගෙන ඇත.

    මෙම වසරේ සැප්තැම්බර් 9 සිට 15 දක්වා මාතර පැවැත්වෙන ජාතික ගොවි සතිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරේ. විශේෂයෙන්ම මාතර දිස්ත‍්‍රික්කයේ පවතින භූ විෂමතා ලක්ෂණ අනුව ස්ථිර බෝග වගා කිරීම සුදුසු නොවන බැවින් මෙම ඉඩම් ඉලක්ක කර ගනිමින් වාණිජ කොරටු වගා සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට යෝජිතය.


    මෙම ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන්ට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් නවීන කෘෂිකාර්මික තාක්ෂණය හා බීජ හා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දෙනු ලැබේ.

    මෙම කොරටු වගාවලින් ලැබෙන කෘෂි නිෂ්පාදන මාතර වැලිගම ප‍්‍රදේශයේ ඉදිකරනු ලබන කෘෂි නිෂ්පාදන අලෙවි ඒකක වෙත යොමු කිරීමේ අලෙවි ජාල වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත බවත්, මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 40ක මුදලක් ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය වෙත ලබා දී ඇති බවත් එහි සභාපති නන්දසේන හේරත් මහතා පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya