මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පසු විපරමක්

    අගෝස්තු 21, 2014

    2014 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පසු විපරමක් ඊයේ (20) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 


    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන පැවැත්විණි. මේ සඳහා වතු කළමනාකරුවන් 15කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර වතු ආශ්‍රිතව සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමිය ද සහභාගී වී සිටියහ.

    එහිදී විශේෂයෙන් ම අවධානයට ලක් වූයේ යෝජිත සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීම් සහ එවැනි ප්‍රමාදයන් වීමට කුමන හේතු බලපා තිබේද යන්නයි. එමෙන්ම එම ව්‍යාපෘති සඳහා තවදුරටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද මෙහි දී එකඟතාව පළ කෙරිණි. වතු ආශ්‍රිතව සංවර්ධනය කිරීමට යෝජිත මංමාවත්, ජල ව්‍යාපෘති ආදී යටිතල පහසුකම් පිළිබඳව මෙහිදී වැඩි අවධානය යොමු විය. ඒ අනුව එකී ව්‍යාපෘති ඔක්තෝබර් 15 වෙනි දිනට පෙර අවසන් කිරීමට ද මෙහිදී උපදෙස් හිමි විය. 

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාමේෂ්වරන් මරුදපාණ්ඩි මහතාද සහභාගී වී සිටි අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට භාර ගනු ලැබූ සමිති සමාගම් සහ කොන්ත්‍රාත් සමාගම් ද මීට සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya