මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති වාර්තා සැකසීම පිළිබඳ වැඩමුළුවක් මඩකළපුවේදී

    අගෝස්තු 06, 2014

    සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති වාර්තා සැකසීම පිළිබඳ වැඩමුළුවක් ඊයේ (05) මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අනුග්‍රහයෙන් මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩමුළුව සංවිධානය ‍කර තිබුණි. දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක එස්. අමිර්දලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.

     

     

    මෙම වැඩමුළුවේදී ග්‍රාමීය පාසල් සංවර්ධන වාර්තා, අයවැය සැලසුම්කරණය, නැගෙනහිර ව්‍යාපෘති කාර්යය නිරීක්ෂණ වාර්තා, ඉන්දීය අනුග්‍රහයෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති වාර්තා, පොකුණු පිළිසකර කිරීම පිළිබඳ වාර්තා, නැවත පදිංචි කිරීමේ වාර්තා හා දැයට කිරුළ වාර්තා පිළිබඳ සාකච්ඡා කරන ලදී.

     

     

    දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් නිලධාරීන් වන ඒ.සුදාකරන්, එස්. මුරලිදරන්, ඒ. සුදර්ශන් ජේ. ගනේෂමූර්ති හා සංවර්ධන නිලධාරී ජී. සුදාගර් යන මහත්ම මහත්මීහු මෙම වාර්තා සැකසීම පිළිබඳ විවරණ ඉදිරිපත්කළහ.

     

    SDF

    work shop2workshop6work shop5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya