මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමට ණය සඳහා වන පොළී අනුපාතය අඩු කිරීමට පියවර

    අප්‍රේල් 11, 2019

    කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමේ පියවරක් වශයෙන් වාණිජ බැංකුවකින් නිකුත් කරන ණය සඳහාවන පොළී අනුපාතය අඩු කිරීමට එන සතිය තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මේ මඟින් රජය බලාපොරොත්තු වන්නේ මේ රටේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ණය බර අඩු කිරීමටයි. රටේ ව්‍යාපාර දියුණු කිරීමට ණය බර බාධාවක් වී ඇතැයි අගමැතිවරයා අරලියගහ මන්දිරයේ ඊයේ (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී කීය.

    රනිල් වික්‍රමසිංය මහතා මේබව සඳහන් කළේ බැංකු පොළී අනුපාත අඩු කිරීම ගැන සොයා බලා වාර්තා කිරීම සඳහා එතුමා විසින් පත් තරන ලද කමිටු වාර්තාවේ නිර්දේශ ප්‍රකාශයට පත් කරමිනි.

    බැංකු ණය පොළී අනුපාත ඒකක 200 කින් පහත දැමීමට එම කමිටුව යොජනා කොට තිබේ. මෙම යොජනා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පිළිගෙන ඇත. ඒ අනුව මහ බැංකුව නව පොළී අනුපාත ප්‍රකාශයට පත් කරනු ඇතැයිද වික්‍රමසිංහ මහතා කීය.

    තවද ඉතුරුම් තැන්පතු සඳහාවන පොළී අනුපාතයන්ද සීමා කිරීමට බලාපොරොත්තුවන බවද පැවසූ අගමැතිවරයා මෙසේද පැවසීය.

    මූල්‍ය මණ්ඩලයේ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ගණකාධිකාරි ආයතනයේ නියෝජිතයන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හා මගේ ලේකම් තුමාත් අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමාත් ඇතුළු පිරිස මේ රටේ පොළිය අඩු කිරීමට ගත යුතු පියවර කුමක්ද කියා සාකච්ඡා කළා.

    ඒ සඳහා දැනටමත් වාර්තාවක් ලැබී තිබෙනවා. විශේෂයෙන් ඒ අනුව බැංකු ණය ගාස්තු අඩු කිරීමට පියවර ගන්නවා. ඒ සඳහා තැන්පතුකරුවන්ට දැනට දෙන පොළිය සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සළකන ආකාරයක් දැනුම් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන අනුව මූල්‍ය මණ්ඩලයෙන් එන නියෝග සියල්ල එන සතිය තුළ නිකුත් කරනවා. මෙමඟින් අප බලාපොරොත්තු වන්නේ මේ රටේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ණය බර අඩු කිරීමටයි. අප රටේ ණය වැඩි වී තිබෙන නිසා ව්‍යාපාර දියුණු කිරීම අමාරුයි.

    අපි ගිය වර්ෂයේ බලාපොරොත්තු වුණා පොළිය අඩු කර ගැනීමට. එය ගිය අවුරුද්දේ අයවැය සමඟයි කරන්න බලාපොරොත්තු වුණේ. ඇත්ත වශයෙන්ම දවස් 51 අර්බුදය නිසා මේ රටට ඩොලර් මිලියන 1000ක් නැති වුණා. මේ මිලියන 1000 නැති වුණ නිසා ගිය අවුරුද්දෙ වෙන් කර ගන්න බැරි වුණා.මේ අවුරුද්දෙ ශක්තියක් තිබුණ ඒ අනුවයි මේ පියවර අරග‍ෙන යන්නේ.ආර්ථිකය ස්ථාවර කොට තමයි අපි මේ වැඩ කරන්න බලාපොරොත්තු වන්නේ.

    විශාල ණයක් තිබුණත් බැංකුවලට මුදල් ඉල්ලීම වැඩි වේ. තවත් සති 6 කින් මුණ ගැසී අවශ්‍ය සංශෝධන සිදු කිරීමට ට කටයුතු කරනවා. ඒ අනු ව මූලික ඒකක 200 කින් ණය පොළී අඩු කිරීමට යෝජනා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya