මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය නිපුණතා සපිරි පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට අතදීම අප සැමගේ යුතුකමයි

    මාර්තු 28, 2014


    පාසල් හැරගිය තරුණ තරුණියන්ට නිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම සඳහා අදාළ සියලු ආයතන ඒකාබද්ධව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කොට ඔවුන් වෘත්තීය නිපුණතා සපිරි පුහුණු ශ්‍රමිකයන් බවට පත් කර අනාගතය හැඩගස්වා ගැනීමට මඟ පෙන්විම අපගේ යුතුකමක් වන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.

     

    රත්නපුර දිස්ත්‍රික්කයේ විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් කාර්යාලය හා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් මානව සම්පත් සංවර්ධන අංශය ඒකාබද්ධව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයෙදී පවත්වන ලද “වෘත්තීය පුහුණුව තුළින් විදේශ රැකියා අවස්ථා” සම්මන්ත්‍රණයේ ප්‍රධන ආරාධිතයා ලෙස ඊට සහභාගි වෙමිනි.

    තව දුරටත් කතා තළ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශගත වීම වළක්වා මෙබඳු ඒකාබද්ධ වැඩසටහනක් තුළින් ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත්කරලීම වඩාත් ඵලදායි ක්‍රියාවලියකි. ඒ තුළින් තම වෘත්තීය නිපුණතාව සකසා ගත හොත් ජිවිතය නිතැතින් ම සාර්ථක කර ගත හැකියි. මේ නිසා රටටද වැඩි විදේශ විනිමයක් ලබා දීම මෙන්ම පුහුණුව ලත් වෘත්තිකයන් සිටීමද සම්පතකි.

    මානව සම්පත් සංවර්ධනය උදෙසා කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු, විදේශ සේවා, නයිටා ආදී ආයතන රැසක් සම්බන්ධ වී සිදු කෙරෙන විධිමත්ව සැලැස්මක් අනුව කරන මේ වැඩපිළිවෙළට සම්බන්ධවීම තරුණ තරුණියන්ටද වරප්‍රසාදයකි.රත්නපුර දිස්ත්‍රික්කය පසුගිය වකවානුව තුළ ලබා ඇති ආර්ථික ප්‍රගතියට සමගාමීව සමාජ සංවර්ධනයද එබඳු තලයකට රැගෙන ඒම අපගේ වෑයමයි. දිස්ත්‍රික් මට්ටමින් රත්නපුර දිස්ත්‍රික්කය දිළිඳුබවින් ඉහළ මට්ටමක පවතින තත්ත්වය වෙනස් වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුළ මෙවැනි සම්මන්ත්‍රණයක අගය අවබෝධ කර ගෙන විශාල පිරිසක් එක්ව සිටීම සතුටට කරුණක් යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශයේ සංවිධානයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඔගේ, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර) ඕ.කේ.ඩී.ඩී. ප්‍රනාන්දු, පළාත් කළමනාකරු ඩබ්. ලීලාරත්න යන මහත්වරු ද සහභාගී වුහ.

     ECB/NR/SW/KM dmu (Rathnapura)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya