මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

    සැප්තැම්බර් 23, 2016
    මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් විශාල ප්‍රමාණයක් සිටින බැවින් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2017 වර්ෂයේ පුළුල් කිරිමට ප්‍රතිපාදන වෙන් කරන බවත් මාතලේ පළාත් පාලන ආයතන 11 තුළම රාජ්‍ය නිලධාරින්ගේ දරුවන් සදහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා  පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ ඉදි කළ ලංකාවේ තුන්වන රාජ්‍ය සේවකයින්ගේ දරුවන් සදහා වන DMS  දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය. 
     
    නව රජයේ වැඩපිළිවෙල යටතේ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කළ බවත් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන  ප්‍රාදේශිය මට්ටමින් දියුණු කිරිමට කටයුතු කරන බවත් රාජ්‍ය නිලධාරින්ගේ ගැටළු රැසක් විසදා ගැනිමට මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉවහල් වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි විජේරත්න,පළාත් සභා මන්ත්‍රීවරැන් වන ඩබ්.එම්. යසමාන්න, මොහොමඩ් ඊබ්‍රහයිම් යන මහවරුන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය. 
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya