අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියට ආශිර්වාද පතා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට අධිෂ්ඨාන පුජාවක්

    මාර්තු 27, 2014

    ජිනීවා සමුළුව හරහා අපේ රටට එල්ල වන සතුරු බලවේග පරාජය කොට මව්බිම රැකගැනීමේ අරමුණින් ජය පිරිත් දෙසුමක් සහ අධිෂ්ඨාන පූජාවක් ඊයේ (26) සවස මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී පැවැත්විණි.


    මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම අධිෂ්ඨාන පුජාවට මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.


    මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, මාතලේ නගරාධිපති මොහොමඩ් හිල්මි කරීම්, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්ද රාජ්‍ය නිලධාරින් ඇතුළු ගිහි බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුහ.

    NDH/TA-dmu Kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya