මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරන් කුඹුරු අස්වැද්දීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන නාමල්දෙනිය වෙල්යායේදී

    ඔක්තෝබර් 08, 2015
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ 2015 පුරන් කුඹුරු අවම කිරිමේ වර්ෂයට සමගාමීව පුරන් කුඹුරු අස්වැද්දීමේ රත්නපුර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය කුරුවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල්දෙනිය තලාවිටිය යායේදි පසුගිය දා පැවැත්විණි.
    තලාවිටිය යායේ අක්කර 30 ක් අස්වැද්දීම සඳහා පුරන් වු කුඹුරු භූමි සකස් කිරිමද පල්ලෙ දෙපෑල හා උඩ දෙපෑල ලෙස හැදින්වෙන කුඹුරු භූමිවලට ජලය සැපයෙන හැරපොළ ඇළේ පැති බැමි දෙක පිළිසකර කිරිමද මේ යටතේ සිදු කෙරේ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ සබරගමුව පළාත් සභාව මගින් රුපියල් මිලියන 1.5 ක් පමණ වු ප්‍රතිපාදන මේ සදහා ලබා දී ඇත.
     
    තලාවිටිය පැරකුම් ගොවිසංවිධානය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
     
    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම,ගොවිජන‍ සේවා සහකාර කොමසාරිස් ජේ.ඩි.නිරංජන එස් ජයකොඩි යන මහත්වරුන්ද  සහභාගී වුහ.
     
    AP/DMU-Ratnapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya