මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ලුම්බිණිය වැඳපුදා ගනී

    නොවැම්බර් 26, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නේපාලයට ළඟා වූ විගස බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය හා බෞද්ධයන් සඳහා වඩාත් පූජනීය ස්ථානයක් ද වන ලුම්බිණිය වෙත පැමිණියේය.
     
    ජනාධිපතිතුමා ලුම්බිණියට පැමිණි පළමු අවස්ථාව මෙය නොවූවත් එහිදී එතුමා බෞද්ධයන් සඳහා වැදගත් වන ක්‍රියාකාරකම් ගණනාවක නිරත වූයේය. ජනාධිපතිතුමා පළමුව බුදුරජාණන් වහන්ගේ මෑණියන් වූ මහමායා දේවිය නමින් ඉදිකර ඇති මායා දේවි පන්සල වැඳපුදා ගත්තේය. ක්‍රි.පූ. 623දක්වා දිවයන ඉතිහාසයකින් යුතු මෙම පන්සලේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි උපන් ස්ථානය පිහිටා ඇත. හිමාල කඳු වැඩිය පාමුල පිහිටා ඇති මායා දේවි පන්සල 1997 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද එක්කරන ලදී.
     
    පන්සල වැඳපුදා ගැනීමෙන් අනතුරු ව එතුමා ලුම්බිණි සංවර්ධන පදනම මගින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූයේය. උත්සවයේ දී අදහස් පළ කළ නිලධාරීන් පවසා සිටියේ රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ලුම්බිණියේ සංවර්ධනය සඳහා දැක් වූ පෞද්ගලික උනන්දුව සහ දායකත්වය අගය කරන බවයි. 
     
    "අප ඔබතුමාට සතුට, සෞභාග්‍ය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, සුවිශේෂි සංචාරය පිළිබඳ අපි කෘතඥපූර්වක වෙනවා" පදනමේ නියෝජිතයෙකු පැවසීය. ශ්‍රී ලංකාරාම විහාරය වෙත යන අතරතුර රාජපක්ෂ ජනාධිපතිතුමා දොරටු අංක 04හි අලුතින් ඉදිකරන ලද පාලම ද විවෘත කළේය. මෙම පාලම හරහා ගමන් මග මායා දේවි පන්සල හා ශ්‍රී ලාංකාරාම විහාරස්ථානය වෙත ඇති කෙටිම මාර්ගය වන නිසා මෙම ස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහා සිදු කරන සේවයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මෙම පාලම රුපියල් මිලියන 34ක් වැය කරමින් ඉදිකොට ඇත.
     
    ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී පූජනීය බෝධීන් වහන්සේ වැඳපුදාගත් ජනාධිපතිතුමා එතුමා පිළිගැනීමට පැමිණ සිටි ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් සමඟ පිළිසඳරක නිරත විය. මෙම විහාරස්ථානය ද සාදවන ලද්දේ ශ්‍රී ලංකා රජය විසිනි. 
     
    රාජපක්ෂ ජනාධිපතිතුමා 2009 දී එය විවෘත කිරීම සඳහා ලුම්බිණියට පැමිණියේය. ලුම්බිණියට ශ්‍රී ලංකාවෙන් සහ අනෙකුත් රටවල්වලින් පැමිණෙන බැතිමතුන් සඳහා සේවාවන් සැපයීමට අමතර ව ථෙරවාදි බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීම ද මෙම විහාරස්ථානයේ විශේෂ අරමුණකි.
     
    ලුම්බිණි සංචාරයේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සිව් වැනි කාර්යය වූයේ ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමය. ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති පූජ්‍ය මහාචාර්ය නරේෂ් මන් බජ්රවර්යා ජනාධිපතිතුමා පිළිගෙන විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳ ව එතුමාට පැහැදිලි කිරීමක් කළේය.
     
    "ඔබගේ කාරුණික සහයෝගය සඳහා අපගේ කෘතඥපූර්වක අගයකිරීම ප්‍රකාශ කරමින් තහවුරු වු අඛණ්ඩ සහයෝගිතාවක් බලාපොරොත්තු වන බවද පවසනු කැමැත්තෙමි" යැයි මහාචාර්ය නරේෂ් එතුමාට පැහැදිලි කිරීමක් කළේය. "ලුම්බිණි බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඔබ ව පිළිගෙන මෙහි පැමිණීම පිළිබඳ හදපිරි ස්තූතිය පළ කරනු කැමැත්තෙමි".
     
    ජනාධිපතිතුමාගේ අවසන් කාර්යය වූයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද වන්දනාකරුවන්ගේ දුටුගැමුණු ගිමන්හල විවෘත කිරීමයි. 1989 දී ඉදිකරන ලද මෙය කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ව තිබුණි. ඒ සඳහා සහය වීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 138ක වියදමින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළේය.
     
    DB
     
    02 1
     
     
    03
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya