මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපි වෙනුවෙන් අපි" පුත්තලම නිවාස ජනපති සුරතින් රණ විරු අයිතියට

    නොවැම්බර් 01, 2014
    "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතිය යටතේ නිවාස සාදාදීමේ වැඩසටහනෙහි 17 වන අදියර යට‍තේ පුත්තලම දිස්ත්‍රික්කයේ රණ විරුවන් සඳහා ඉදිකරන ලද නිවාස 101ක් අද (01) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රණ විරු අයිතියට පත් කරනු ලැබේ.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ මීට පෙර අදියර 16ක් යටතේ දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි නිවාස විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බව පැවසු වනිගසූරිය මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 63ක් ද, නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 22ක් හා ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 16ක් ද ඉදිකර ඇත.
     
    "අපි වෙනුවෙන් අපි" නිවාස ව්‍යාපෘතිය රණ විරු පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ හා එහි සේවා වනිතා සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ නිරන්තර අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. 
     
    මෙම නිවාස ඉදිකිරීමට සමගාමී ව එම ප්‍රදේශවල මාර්ග, විදුලි බල, ජල සැපයුම් හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීමත් ප්‍රදේශයේ පාසල් පද්ධතිය දියුණු කිරීමත් සිදු කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya