අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයගමු ශ්‍රී ලංකා - ජනතා ජංගම සේවය කුරුණෑගලින් ඇරඹේ

    මාර්තු 10, 2024
    කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් දීප ව්යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්රි ලංකා” ජනතා ජංගම සේවයේ නවතම දිගහැරුම ඊයේ (09) දින අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල වැහැර ක්රීඩාංගනයේදී ආරම්භ
    විය.

     

    මෙහිදී විදෙස්ගත ශ්රමිකයන්ගේ දරුවන් 246 කට ශිෂ්යත්ව ප්රධානය කිරීමත්, පාසල් සිසුන් 364 කට පාසල් උපකරණ සහ විගමනික ශ්රමික පවුල් 100කට රුපියල් දසදහසකට වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීමට නියමිතයි.
    ඊට අමතරව මෙරටට පැමිණ ස්ව්යං රැකියා වල නියුතු විගමනික ශ්රමිකයින් 12 දෙනෙකු සඳහාද, සාර්ථකව ව්යාපාර සිදුකරන මෙරටට පැමිණි විගමනික ශ්රමිකයන් 9 දෙනෙකු සඳහා සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ආධාරද, අබාධිත විගමනික ශ්රමිකයෙකු සඳහා රෝද පුටුවක් සහ ඇස් කණ්නාඩි 32ක්ද ලබාදිමට සැලසුම් කර ඇත.
    එමෙන්ම විගමණික ශ්රමිකයින්ගේ දරුවන් අධ්යාපනය ලබන කුරුණෑගල දිස්ත්රික්කයේ පාසල් තුල සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්ය Smart Board 30ක් පිරිනැමීටද කටයුතු යොදා ඇත.
    මීට අතිරේකව මෙරට අවිධිමත් අංශයේ වෘත්තීන් වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ NVQ සහතික ලබාදීමටද නියමිතයි.
    මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කුරුණෑගල දිස්ත්රික්කයේ පදිංචි විදෙස්ගත ශ්රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක්ද සංවිධානය කොට තිබේ.
    දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දෙවන දිනයේදී මෙරට තරුණ ප්රජාව ස්මාට් වැඩ්ඩන් කරන Smart You Club පිහිටුවීමටද නියමිතය. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්රහය ඇතිව දීප ව්යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද මෙහිදී ක්රියාත්මක කිරීමට නියමිතයි.
    මෙම අවස්ථාවට ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර, යන මහත්වරුද ජාත්යන්තර කම්කරු සංවිධානයේ මෙරට ප්රධානී Joni Simpson මහත්මියද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya