මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරවීර මැතිඳුන් මේ රටට බිහි වූ සම්පතක්

    අගෝස්තු 22, 2014
    සියනෑ කෝරළයෙන් බිහි වූ මහා පණ්ඩිතයෙකු, භාෂා විශාරදයෙකු වූ සුරවීර මැතිඳුන් මේ රටට බිහි වූ සම්පතක් බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නියෝජනය කළ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වූ මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා අවස්ථාවට එක්වෙමිනි.
     
    සුරවීර මහතා අප කවුරුත් වගේ සිංහලයට, සිංහල භාෂාවට ආදරය කළා. නමුත් අනෙකුත් භාෂාවලට ගැරහුවේ නෑ. එය එතුමා සතුව පැවති සුවිශේෂී ගුණයකි. සරල ගැමි ජීවිතයක් ගත කළ එතුමාගේ දැනුමෙන් අප පෝසත් වුණා.  එතුමාගේ භාෂා හැකියාව අතිවිශාලයි. ඔහු නිකන්ම බුද්ධිමතෙක් නොවේ මහා ප්‍රාඥයෙක් යැයි ද අමාත්‍යවරයා කීය.
     
    දේශපාලනය ගැන එතුමාට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. දේශපාලනයට එක් වී තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරන ලෙස ලැබුණ ඉල්ලීම නිසා සුරවීර මැතිඳුන් එම තනතුරු දැරුවේ. මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගේ ලේඛන හැකියාව නිසා මේ රටට ලැබුණු පොතපත දැනුම අති විශාල බවත් වාසුදේව මහතා පෙන්වා දුන්නේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya